ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපන මට්ටම පහළට ???? නවතම වාර්තාවක් මඟින් හෙළිවෙයි. (SBS සිංහල / වාර්තා)

කසකස්තානය වැනි රටක් ඔස්ට්‍රේලියාව අභිබවා යාම අනතුරු ඇඟවීමේ ලකුණක් බව මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Simon Birmingham පැවසීය.

Australia crashing down international leader board for education, falling behind Kazakhstan

Australia crashing down international leader board for education, falling behind Kazakhstan Source: www.tes.com

නවතම ගෝලීය අධ්‍යාපන වාර්තාවට අනුව ඔස්ට්‍රේලියාව කසකස්තානයටත් වඩා පහළින් සිටින බව අනාවරණය වී තිබේ.

සෑම සිව් වසරකට වරක්ම පවත්වනු ලබන ලොව ප්‍රසිද්ධ The Trends in International Mathematics and Science Study හෙවත් TIMSS ඇගයීම් මාලාවේ ප්‍රතිපල අනුව ජාත්‍යන්තර අධ්‍යාපන ලැයිස්තුවෙන් ඔස්ට්‍රේලියානු අධ්‍යාපනය පසුබැස ඇති බව හෙළිවී ඇත.

2011 වසරේ සිට මේ දක්වා ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපන තත්ත්වය පහත අයුරින් පහළ ගොස් තිබේ.

  • 4 වසර ගණිතය - 18 වන ස්ථානයේ සිට 28 වන ස්ථානය දක්වා.
  • 8 වසර ගණිතය - 12 වන ස්ථානයේ සිට 17 වන ස්ථානය දක්වා.
  • 8 වසර විද්‍යාව - 12 වන ස්ථානයේ සිට 17 වන ස්ථානය දක්වා.
  • 4 වසර විද්‍යාව - තවමත් 25 වන ස්ථානයේ පසුවෙයි.
මේ අතර ඕස්ට්‍රේලියාවටත් වඩා ජනගහනය අඩු මධ්‍යම ආසියාවේ රටක් වන කසකස්තානය ඉහත අංශ වලින් ඔස්ට්‍රේලියාව අභිබවා ගොස් තිබේ.

මෙම වාර්තාව සඳහා 4 වසරේ ප්‍රතිපල රටවල් 49ක් නිරීක්ෂණය කරමින්ද 8 වසරේ ප්‍රතිපල රටවල් 39 ක් නිරීක්ෂණය කරමින්ද TIMSS විසින් ලබාගෙන ඇත.

කසකස්තානය වැනි රටක් ඔස්ට්‍රේලියාව අභිබවා යාම අනතුරු ඇඟවීමේ ලකුණක් බව මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Simon Birmingham පැවසීය.

කසකස්තානය හෝ ඔවුන්ගේ හැකියාවන් තමන් පහත් කර නොසලකන බව පැවසු අධ්‍යාපන අමාත්‍යවරයා ඔස්ට්‍රේලියාව මීට වඩා අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ වැඩි අවධානයක් යොමු කර වෙහෙස මහන්සිවී ඉදිරියට පැමිණිය යුතු බවද පැවසීය.

පාසල් සඳහා සල්ලි පොම්ප කිරීම මීට පිළිතුර නොවන බවද ඔහු පවසයි.

එම වාර්තාවට අනුව එංගලන්තය, ඇමෙරිකාව, සිංගප්පුරුව, චීන තායිපේ සහ ජපානය ඔස්ට්‍රේලියාවට වඩා ඉදිරියෙන් සිටින බවද වාර්තා වේ.

2003 වසරේ සිට මෙරට TIMSS ප්‍රතිපල ක්‍රමයෙන් පහත බැස යන නමුත් අධ්‍යාපනය සඳහා රාජ්‍ය ප්‍රතිපාදන 50%කින් පමණ ඉහළ නගිමින් පවතියි.

අපගේ පාසල් පන්ති කාමරය තුළ සිදු කරන ඇතැම් ක්‍රියා සැහීමකට පත්වීමට නොහැකි මට්ටමේ ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

මෙම තත්ත්වයෙන් ගොඩ ඒමට ඔස්ට්‍රේලියාවේ පාසල් අධ්‍යාපනය ගොඩනැංවිය යුතු ආකාරය පිළිබඳ සිතා බලා ක්‍රියාත්මක කිරීමට සහය වන ලෙස කම්කරු පක්ෂය ඇතුළු විපක්ෂයට අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේය.

ලැබුණු ප්‍රතිපල ගැටලුකාරී බව පිළිගන්නා නමුත් මෙමගින් පැවති Gonski අධ්‍යාපන ප්‍රතිපාදාන ආකෘතියේ වැදගත්කම පෙනී යන බව කම්කරු පක්ෂයේ අධ්‍යාපන කටයුතු පිලිබඳ විශේෂ නියෝජිත Tanya Plibersek පවසයි.

අපගේ පාසල් සඳහා අමතර ආයෝජන සිදු කළ යුත්තේ මන්ද යන්න මෙම ප්‍රතිපල වලින් මනාව පෙනෙන බවද ඇය පැවසීය.

දුරස්ථ සහ ප්‍රාදේශීය ප්‍රදේශ වල තිබෙන දුප්පත් පාසල් වල අධ්‍යාපනය ලබන දුප්පත් පවුල්වල ළමයින්ගේ ප්‍රතිපල සැමටම වඩා දුර්වල බවද ඇය පෙන්වා දුන්නාය.

“මෙය ඔස්ට්‍රේලියාවට අනතුරු ඇඟවීමක්. අපි මහත්වූ ධනවත් ජාතියක් ලෙසත් ඉහළින්ම වර්ධනය වූ අධ්‍යාපන පද්ධතියක් අපට ඇති බවටත් අප සිතා සිටිනවා. නමුත් දුප්පත් රටවල් අපව පසු කරගෙන යනවා. එනිසා මෙරට දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අපගේ කැපකිරීම කුමක්ද කියා අපගෙන්ම ප්‍රශ්න කරගත යුතුයි.” Tanya Plibersek වැඩි දුරටත් පැවසීය.


Share
Published 1 December 2016 10:21pm
Updated 2 December 2016 2:17pm
By Madhura Seneviratne
Source: ABC Australia


Share this with family and friends