Article: වසර එකහමාරකින් පසුව සිඩ්නි නුවර නිවාස මිල ගණන් පහතට

General view of housing in Sydney, Friday, Dec. 9, 2016. Home loan approval numbers fell 0.8 per cent in October, a slightly smaller fall than the 1.0 per cent decline the market expected. (AAP Image/Dan Himbrechts) NO ARCHIVING

Source: (AAP Image/Dan Himbrechts)

වසර එකහමාරකට ආසන්න  කාලයකින් පසුව ප්‍රථම වතාවට, සිඩ්නි නුවර නිවාස මිල පහත වැටි ඇති බව CoreLogic  නම් වාර්තාව පෙන්වා දී තිබේ. නමුත් මෙල්බර්න් සහ හෝබාර්ට් යන නගර වල නිවාස මිල ඉහල යාමේ ප්‍රවනතාවය ඒ අයුරින්ම දක්නට ලැබෙන බව මෙම වාර්තාව සදහන් කරයි.

 පසුගිය මාසය තුල සිඩ්නි නුවර නිවාස මිල සියයට 0.1කින් පහල බැස  ඇතිබවත්, එය 2016 අප්‍රේල් මාසයෙන් පසුව වාර්තා වන පළමු මිල පහත වැටීම බවත් සදහන්. කෙසේ වෙතත් පසුගිය කාර්තුව තුල සිඩ්නි නුවර නිවාස මිල 0.2% ප්‍රතිශතයකින් ඉහල ගොස් ඇති අතර 2016 න් පසුව වාර්තා වූ දුර්වලම මිල ඉහල යාම ම,මෙය බව වැඩි දුරටත් වාර්තා වෙයි.

හෝබාර්ට් සහ මෙල්බර්න් නිවාස මිල තවදුරටත් ඉහලට

කෙසේ නමුත් හෝබාර්ට් නුවර නිවාස මිල ගණන් පසුගිය මාසය තුල සියයට 1.7කින් ඉහල ගොස් ඇති අතර, වාර්ෂිකව 14.3% ප්‍රතිශතයකින් හෝබාර්ට් නගරය තුල නිවාස මිල ඉහල ගොස් ඇති බව සදහන්. මෙල්බරන් නුවර නිවාස මිල පසුගිය මාසය තුල 0.9 % ප්‍රතිශතයකින් ඉහල ගොස් ඇති අතර වාර්ෂිකව මෙල්බර්න් නගරයේ නිවාස මිල ඉහල යාමේ ප්‍රතිශතය 12.1 ක්.

 

CoreLogic ආයතනයට අනුව සිඩ්නි නුවර මෙම මිල පහත වැටීමට හේතුවී තිබෙන්නේ, ආයෝජකයින් සදහා  සහ නිවාස ණය  සදහා අදාල වන නව නීති නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල හදුන්වා දීම බව සදහන්. අනෙකුත් ප්‍රාන්ත වලට සාපේක්ෂව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල ලබාගන්න නිවාස නය වලින් හරි අඩකට වඩා  ලබන්නේ ආයෝජන  සදහා බව සදහන්. මෙය අනෙකුත් ප්‍රාන්ත සමග සංසන්දනය කිරීමේදී ඉහල ප්‍රතිශතයක් බව සදහන්.

 

මෙල්බර්න් නුවර නිවාස මිල ඉහල යාමට ප්‍රධාන හේතුව වශයෙන් දක්වා තිබෙන්නේ වික්ටෝරියානු ප්‍රාන්තය තුල දක්නට ලැබෙන ජනගහන වර්ධනයයි. ඕස්ට්‍රේලියාවේ වැඩිම ජනගහන වර්ධන වේගය වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන අතර, පසුගිය වසර තුල එම වර්ධන වේගය 2.4%ක්.

 

දැරිය හැකි නිවාස මිල සහ, හෝබාර්ට් නුවර ආශ්‍රිත ජිවන රටාව හේතුවෙන් හෝබාර්ට් නුවර නිවාස මිල ඉහල යාම සිදු වී ඇති බව CoreLogic ආයතනයේ Tim Lawless මහතා ABC මාධ්‍ය ජාලයට  පවසා තිබිණි.

 

තවද Melbourne සහ සිඩ්නි නගර වල නිවාස කුලී මිල ගණන්ද පසුගිය වසර තුල ඉහල ගොස් ඇති බව මෙම වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

Perth නිවාස වෙළද පොල වර්ධනය වන ප්‍රවනතාවයක්

තවද Perth නුවර නිවාස මිල ගණන්ද පහත වැටී  ඇතත් එය මීට පෙර අගයන් සලකා බැලීමේදී ඉතා පහල අගයකින් බව සදහන්.  ඒ අනුව Perth නිවාස වෙලදපොලේ මිල පහත වැටීම නිමාවට පත් වනු ඇති බවට එය ඉගියක් බවත් පළමු නිවාස මිලදී ගන්නා අයගේ වර්ධනයක් Perth නිවාස වෙළදපොල තුල දක්නට ලැබෙන බවත් CoreLogic වාර්තාව සදහන් කරයි.

(ABC වෙබ් අඩවියේ පළවූ ලිපියක් ඇසුරෙන් )


Share
Published 2 October 2017 12:43pm
Updated 2 October 2017 1:37pm
By Sanjaya Dissanayake

Share this with family and friends