මර්වින් සිල්වාගෙන් නව පක්ෂයක්.

A new party from Mervin Silva.

Source: SBS

ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍යවරයෙකු සහ ලාංකේය දේශපාලනයේ සැමවිටම ආන්දෝලනාත්මක පුවත් මවන මර්වින් සිල්වා මහතා නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට තීරණය කර තිබෙන බව ඊයේ (26/03) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

තරුණයින් වෙනුවෙන් ඉදිරියේදී මෙම නව දේශපාලන පක්ෂය බිහි කරන බවත් එය යුගයේ අවශ්‍යතාවයක් බවත් ඒ මහතා කියා සිටියේය.

මෙම නව පක්ෂය තුළ අල්ලසට, දූෂණයට හෝ වරප්‍රසාදවලට ඉඩක් නොමැති බව ද මර්වින් සිල්වා මහතා වැඩි දුරටත් පැවසුවේය.


Share
Published 27 March 2017 8:36am
By Madhura Seneviratne


Share this with family and friends