2017 AFL අවසන් මහා තරගයේ වැඩි වාසි කාටද ?

Rory Sloane of the Crows and Reece Conca of the Tigers during the Round 6 AFL match between the Adelaide Crows and the Richmond Tigers at Adelaide Oval in Adelaide, Sunday, April 30, 2017. (AAP Image/David Mariuz) NO ARCHIVING, EDITORIAL USE ONLY

Rory Sloane of the Crows and Reece Conca of the Tigers during the Round 6 AFL match between the Adelaide Crows and the Richmond Source: AAP

2017 AFL (Australian Football League ) අවසන් මහා තරගය එළබෙන සැප්තැම්බර් 30 දා  පැවැත්වීමට නියමිත අතර, අවසන් තරගයට සුදුසකම් ලැබූ කණ්ඩායම් දෙකම ඉතා දීර්ඝ කාලයකට පසුව ඒ සදහා සුදුසුකම් ලැබීම විශේෂ කරුණක්.

 

Adeliade Crows කණ්ඩායම  Geelong Cats කණ්ඩායම පරාජයට පත් කරමින් මෙවර  AFL අවසන් තරගයට සුදුසුකම්  ලබන්නට සමත් වූ අතර , Adeliade කණ්ඩායම AFL අවසන් මහා තරගයකට සුදුසුකම් ලබන්නේ වසර 19 කට පසු වීම කැපී පෙනෙන සිදු වීමක්.

 

පසුගිය සෙනසුරාදා (23/09) GWS Giants කණ්ඩායම පරාජයට පත් කරමින්   Richmond Tigers කණ්ඩායම මෙවර AFL අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර ඔවුන් AFL අවසන් මහා තරගයකට සුදුසකම් ලැබුවේ වසර 35කට පසුව වීමද මෙහිදී විශේෂ සිදුවීමක් වශයෙන් සදහන් කල හැකියි.

 

2013 සිට මේ දක්වා Adeliade Crows කණ්ඩායම සහ  Richmond Tigers කණ්ඩායම පස් වතාවක් AFL තරගාවලිය තුල මුණ ගැසී ඇති අතර, එයින් තරග 3ක  ජය Adeliade Crows කණ්ඩායමට හිමිව තිබේ. 2017 AFL තරගාවලියේ 6 වැනි වටයේදී පැවති  තරගයෙන් Richmond කණ්ඩායම ලකුණු 140ට 64ක් ලෙස පරාජය කරන්නට Adelaide කණ්ඩායම සමත් විය. මීට  අමතරව Adelaide කණ්ඩායම 2015 සහ 2016 වසර වලදීද Richmond කණ්ඩායම පරාජයට පත් කර ඇති නිසා දැනට බොහෝ දෙනෙක් පවසන්නේ මෙම තරගයේදී Adelaide කණ්ඩායමට වැඩි වාසි ඇති බවයි. කෙසේ නමුත් අවසන් මහා තරගයකදී තරග වැදීම මේ සියලුම තරග වලට වඩා හාත්පසින් වෙනස් වන බැවින් අදාල දිනයේ දැඩි පීඩනය සමගින් හොදින් ක්‍රීඩා කරන කණ්ඩායම තරගය ජයගනු ඇති බව තවත් විචාරකයින් පිරිසකගේ මතය වී තිබේ. විශේෂයෙන්ම අවසන් වටයේ තරග වලදී Richmond කණ්ඩායම ඉතා දැඩි පීඩනයක් යටතේ GWS සහ Geelong කණ්ඩායම් පරාජය කිරීමත් සමග අවසන් මහා තරගයේදී ඔවුන් පීඩනය හමුවේ ඉතා හොදින් ක්‍රීඩා කරනු ඇති බව විචාරක මතය වී තිබේ.

 

ප්‍රේක්ෂක සහභාගීත්වය



AFL එක්  තරග වාරයකදී මෙතෙක් වාර්තා වී ඇති වැඩිම ප්‍රේක්ෂක සහභාගිත්වය ලෙස සදහන් වන්නේ  7,147,052  (මිලියන 7.14) ක් වන අතර, එම සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ 2010 වසරේ බව සදහන්. කෙසේ වෙතත් පසුගියදා පැවති AFL අවසන් වටයේ තරග වල ප්‍රේක්ෂක සහභාගීත්වය සමගින් මේ වන විටත් මේ තරග වාරයේ ප්‍රේක්ෂක සහභාගීත්වය මිලියන 7.15ක් ලෙස සදහන් අතර එළබෙන 30 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයට අපේක්ෂිත ප්‍රේක්ෂක සංඛ්‍යාවත් සමගින් එය  AFL ඉතිහාසයේ වාර්තා ගත ප්‍රේක්ෂක සහභාගීත්වයක් වනු ඇති බව සදහන්. එළබෙන 30 වැනි සෙනසුරාදා මෙල්බර්න් නුවර MCG ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයට තරග සංවිධායකයින් විසින් අපේක්ෂිත ප්‍රේක්ෂක සංඛ්‍යාව ලක්ෂයකට ආසන්න බව වාර්තා වෙයි.

 

මෙවර අවසන් මහා තරගයට සෑම  වසරකම සේම ප්‍රවේශ පත්‍ර ලබාගැනීමට අධික තරගයත් සමගින් Richmond ප්‍රේක්ෂකයින් සහ  Adelaide ප්‍රේක්ෂකයින් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේදී අපහසුතාවයන්ට මුහුණ දුන් බවත් වාර්තා සදහන් කරයි. මේ අතර තරගය සජීවී ලෙසින් ක්‍රීඩාංගනයේ නැරබීමට නොහැකි වන Adelaide Crows කණ්ඩායමේ ප්‍රේක්ෂකයින් හට තරගය රුපවාහිනී විකාශය ඔස්සේ දැවැන්ත තිරයක් මගින් නැරබීමට Adelaide Oval ක්‍රීඩාංගනය තුල පහසුකම් සලසා ඇති බව වැඩි දුරටත් වාර්තා වෙයි.

 

 

2017 AFL අවසන් මහා තරගය සැප්තැම්බර් මස 30 වන දින මෙල්බන් නුවර MCG ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අතර, එදිනට පෙර සැප්තැම්බර් 29දා  සම්ප්‍රදායික AFL පෙළපාලිය (AFL Grand Final Parade) මෙල්බර්න් නුවරදී පැවැත්වීමට නියමිතයි


Share
Published 26 September 2017 1:15pm


Share this with family and friends